පොලොන්නරුවේ ඡන්ද කොල්ලකෑමට පිරිසක් සූදානමින් සිටිනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද කොල්ලකෑමට පිරිසක් සූදානමින් සිටින බව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ බැඳිවැව දී පැවති ජන හමුවකට සහභාගී වෙමිනි. වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ රොෂාන් රණසිංහ මහතා කියා සිටියේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මන්ත්‍රී ආසන 5ක් ඉතා පැහැදිලිවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගන්නා බවයි. මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට ජනාධිපතිවරයා සුවිශේෂී වැඩපිළිවෙලක් යොදා තිබෙන බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි මේ වන විට පාතාලය හා මත්කුඩු ජාවාරම අවසන් කිරීමේ යෝධ මෙහෙවර ආරම්භ කර තිබෙන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.






















