Sunday, November 15, 2026
HomeNEWSLatest Newsපොහොර සහනාධාරය ලබා දීමටත්, පොහොර හිඟයකින් තොරව ලබා දීමටත් වැඩපිළිවෙළක්..

පොහොර සහනාධාරය ලබා දීමටත්, පොහොර හිඟයකින් තොරව ලබා දීමටත් වැඩපිළිවෙළක්..

පොහොර සහනාධාරය ලබා දීමටත්, පොහොර හිඟයකින් තොරව ලබා දීමටත් වැඩපිළිවෙළක්..

කෘෂි නිෂ්පාදන වල මිල පහළ යාම නිසා මෙරට කෘෂි කර්මාන්තයේ නියැලී සිටින්නන් මුහුණ දී තිබෙන බරපතල .eg¨ldÍ ;;a;ajfhka Tjqka uqojd,Sug වහාම පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

කෘෂි බෝග වලට හොඳ මිලක් ලබා ගැනීමට නොහැකිව ගොවීන් අසරණ වී ඇති බව අද (2020.07.30) පෙරවරුවේ ගම්පොළ, දොළුව නගරයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට දැනටමත් පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිරියේ දී ගම්මිරිස්, සාදික්කා ඇතුළු අපනයන බෝග වලට හොඳ මිලක් ලබා දීමට හැකි වන පරිදි කටයුතු කිරීමට රජය  පියවර ගෙන ඇත.  

මීට අමතරව වතු කම්කරු වැටුප් ගැටලුව විසඳමින් රුපියල් දහසක වැටුපක් ලබාදීම සඳහා රජය වශයෙන් මැදිහත් වීමට තීරණය කොට තිබේ.

වෙළඳ ව්‍යාපාර සහ ස්වයx රැකියා වල නිරත වන්නන්ට ණය පහසුකම් ලබාදීමට ද නව වැඩපිළිවෙළ යටතේ සැලසුම් සකස් කොට ඇත.

සුළු තේ වතු හිමියන්ට නව තාක්ෂණික දැනුම ලබා දීම සහ රක්ෂණාවරණයක් ලබා දීමටත්, පොහොර සහනාධාරය ලබා දීමටත්,   පොහොර හිඟයකින් තොරව ලබා දීමටත් රජය කටයුතු කරමින් සිටී. සෞඛ්‍ය පහසුකම් අවම ග්‍රාමීය රෝහල් සංවර්ධනය කිරීමටත්, ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමටත්, නව වැඩපිළිවෙළ යටතේ කටයුතු යොදා ඇත. 

පසුගිය රජය කාලයේ දී නවතා දමා තිබූ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු ඉතා කඩිනමින් අවසන් කිරීමට ද පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img