Tuesday, July 21, 2026
HomeNEWSLatest NewsSF ලොක්කාට වෙඩි ප්‍රහාර 8ක් වැදිලා -දර්ශන සහිතයි

SF ලොක්කාට වෙඩි ප්‍රහාර 8ක් වැදිලා -දර්ශන සහිතයි

SF ලොක්කාට වෙඩි ප්‍රහාර 8ක් වැදිලා -දර්ශන සහිතයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඉරෝන් රණසිංහ නොහොත් “එස්.එෆ්.ලොක්කා“ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධිය ඇතුළු අපරාධ චෝදනා රැසක විත්තිකරුවෙකු ලෙස “එස්.එෆ්.ලොක්කා“ නම් කර සිටි.

අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාට අද මෙම නියෝගය ලබා දී තිබේ.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කර ඇත්තේ‍, මෙම වෙඩි තැබීම සිදුකළ අනුරාධපුර දහයියාගම හංදිය දුම්රිය හරස් මාර්ගය අසළ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

 “එස්.එෆ්.ලොක්කා“ ටී 56 වර්ගයේ ස්වයං ක්‍රිය ගිනි අවියකින් වෙඩි ප්‍රහාර අටක් එල්ල කර ඇති බවත් වෙඩි ප්‍රහාර එල්ලවීමත් සමග මොහු ගමන් කළ මෝටර් රථය ගිනි ගෙන මුලූමනින්ම දැවී ගොස් ඇති බවත්  මහෙස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

වෙඩි තැබීමෙන් අනතුරුව අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගය මත ගිනි ගෙන දැවී තිබූ මෝටර් රථය එම ස්ථානයෙන් ඉවත් කර ප්‍රධාන මාර්ගය වාහන ගමනා ගමනය සඳහා යළි විවෘත කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සේනක ප්‍රසන්න මහතාට නියෝග කෙරිණි.

යතුරු පැදියකින් පැමිණි දෙනෙකු විසින් මෙම වැඩි තැබීම සිදු කර ඇති බව සිද්ධිය පිළිබඳ ව දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දයාන් සමරකෝන් මහතා මෙහිදී මහෙස්ත්‍රාත්වරයාට පවසා තිබේ.

අද උදෑසන 11.45ට පමණ මෙය සිදුව ඇති අතර, වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී ඔහු ගමන් ගත් මෝටර් රථයේ ගමන් කළ තවත් කාන්තාවක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි එස්.එෆ්.ලොක්කා මියයන විට 32 හැවිරිදි වියේ පසුවූ බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ඔවුන් ගමන් ගත් මෝටර් රථය ගිනිගෙන විනාශ වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img