ජනපති සහ අගමැති ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ආකාරය
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විරුද්ධ පක්ෂ නායකයන් සහ තවත් අපේක්ෂකයන් කිහිපදෙනෙක් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය “අද දෙරණ”
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මහත්මිය ඡන්දය ප්‍රකාශ කළේ මීරිහාන පැඟිරිවත්ත විවේකාරාම විහාරස්ථානයේ පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථානයේදීය.

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේ දී අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඡන්දය ප්‍රකාශ කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (05) පෙරවරුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මාලිගාවත්ත අබේසිංහාරාම විහාරයේදි ඡන්දය ප්‍රකාශ කළේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරඟ වදින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඡන්දය ප්‍රකාශ කළේ පොළොන්නරුව, නවනගරයේ පිහිටි ශ්‍රී විද්‍යාලෝක විහාරයේ පිහිටුවා තිබු ඡන්ද මධ්‍යස්ථානයේ ය.

කොවිඩ් වසංගත පාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක පසුබිමක ඡන්දදායකයන්ව ඡන්දය ප්‍රකාශ කිරීමට යාම සඳහා අනුබල දීමේ අරමුණින් ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළේය.























