Monday, October 26, 2026
HomeNEWSLatest Newsඉතිහාසය අලුත් කළ ජයග්‍රහණයක්

ඉතිහාසය අලුත් කළ ජයග්‍රහණයක්

2020 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 145 ක් දිනාගනිමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ඉතා ආසන්න බලයක් තහවුරු කරගැනීමට සමත් විය.

උතුරු හා නැගෙනහිර පළාත්වලට වෙන් වෙන්ව තරග කළ එම පෙරමුණේ හවුල්කාර පක්ෂ ලබාගත් මන්ත්‍රී ධුර 5 ද සමග තුනෙන් දෙකක ආණ්ඩුවකට අවශ්‍ය මන්ත්‍රී ධුර සංඛ්‍යාව සම්පූර්ණ වේ.

මන්ත්‍රී ධුර 54 ක් ලබාගනිමින් සමගි ජන බලවේගය මෙවර ප්‍රධාන විපක්ෂය බවට පත්ව සිටින අතර දරුණු පරාජයකට ලක්වූ එක්සත් ජාතික පක්ෂයට හිමිවුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි.

2020 මහමැතිවරණය සඳහා මෙවර ලියාපදිංචිව සිටි එක්කෝටි හැටදෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසූපහක් වූ ඡන්ද දායකයින් අතරින් සියයට 75.89ක ප්‍රතිශතයක් මෙවර ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද හැටඅට ලක්ෂ පනස්තුන්දහස් හයසිය අනූවක් හිමිව තිබෙන අතර එය ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 59.09 ක්.

සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මෙරට ඉතිහාසයේ පළමු වරට එක් දේශපාලන පක්ෂයක් හිමිකරගත් වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව හිමිකරගැනීමට පොදුජන පෙරමුණ පක්ෂය සමත් වූ අතර ඔවුන් ලබාගත් සමස්ත මන්ත්‍රී ධුර ගණන 145 කි.

ඒ, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 17ක් ද හිමිවීමත් සමගය.

මෙවර උතුරු නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග නොකළ ද එම පෙරමුණේ හවුල්කාර පාර්ශ්වයක් වන ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ඩී.පී. පක්ෂය යාපනය හා වන්නි දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී ධුර 02 ක් හිමිකරගත්තේය.

එමෙන්ම, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරග කළ ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් “ජාතික කොංග්‍රසය” එක් මන්ත්‍රී ධුරයක්ද, යාපනය දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ අංගජන් රාමනාදන් මහතාට එක් මන්ත්‍රී ධුරයක්ද, මඩකලපුව දිස්ත්‍රික්කයට “තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල්” පක්ෂයෙන් තරග කළ ශිවනේසන්තුරෙන් චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් එක් මන්ත්‍රී ධුරයක්ද දිනාගත්තේය.

මේ අනුව, එම මන්ත්‍රීවරුන් පස්දෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයට අවශ්‍ය මන්ත්‍රී ධුර 150 සම්පූර්ණ කරගැනීමට අවස්ථාව සැලසේ.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් 18 කම ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකරගත් අතර තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුවත් මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 18 කම බලය හිමිවුණේද පොදුජන පෙරමුණටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img