නොවිසඳුනු ජාතික ලැයිස්තු
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව ලබාදීමට එම සන්ධානයේ අනෙකුත් පක්ෂ තීරණය කර තිබේ.
මේ පිළිබඳ ව තීරණය කිරීම සඳහා සමගි ජන බලවේගය අද (11) පැවත්වූ හමුවකින් අනතුරුව එම පක්ෂ නායකයින් මේ බව සඳහන් කළේය.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය සිය පක්ෂවල ජාතික ලැයිස්තු වලට නම් කර ඇති නියෝජිතයින්ගේ නම් මේ වන විට මැතිවරණ කොමිසම විසින් ගැසට් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර මෙලෙස ගැසට් කර ඇත.
නමුත් මෙතෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් නොකළ එක්සත් ජාතික පක්ෂය හෙට (12) දිනයේ රැස්වී මේ පිලිබඳව තීරණය කිරීමට නියමිත අතර ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් හෙට දිනයේදී දැනුවත් කරන බව නායක අනුර කුමාර දිසානායක මහතා “අද දෙරණට” සඳහන් කළේය.
මේ අතර, අපේ ජන බල පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබේ.
එම පක්ෂයේ ලේකම්වරු දෙදෙනෙකු විසින් මන්ත්‍රී ධුරය සඳහා නම් දෙකක් ඉදිරිපත් කිරීම නිසා පවතින නීතිමය තත්ත්වය අධ්‍යයනය කර තීරණයක් ගන්නා තුරු එම කිසිඳු නමක් හෝ ගැසට් නොකරණ බව මැතිවරණ කොමිසම අද නිවේදනය කළේය.
අදාළ නිවේදනය පහතින්..























