Sunday, November 15, 2026
HomeNEWSLatest Newsමත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක තොරතුරු හෙළිවේ

මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක තොරතුරු හෙළිවේ

මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක තොරතුරු හෙළිවේ

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් හුවමාරු කළ “මර්වින් ජානාගේ” සහෝදරිය වන “මනෝරි රන්දිමා” හෙවත් “අක්කා” නැමැති කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය කාලය තුළ ඇයගේ ගිණුම් 05ක රුපියල් මිලියන 30ක මුදලක් හුවමාරු වී ඇති බව පොලීසිය පැවසීය.

මෙම කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලද තොරතුරකට අනුවය.

මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකළේ ගල්කිස්ස පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීම යටතේ දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකි.

ඇය දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මර්වින් ජානා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ සහෝදරිය බව පොලීසිය පැවසීය.

පසුගිය ජූනි මස 25 වන දා හෙරොයින් කිලෝවක් සමග අත්අඩංගුවට ගත් යුවළකගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස්දෙනෙකු අනාවරණ කළ කරුණු අනුව සැකය මෙම කාන්කාව වෙත යොමු වී තිබේ.

මර්වින් ජානාගේ බේකරියක සේවය කරන ගාමිණී නම් පුද්ගලයා ගණුදෙනු කළ පෞද්ගලික බැංකුවක සී.සී.ටී.වී. දර්ශනවලින් අනාවරණ කරගත් තොරතුරුවලට අනුව එම සැකකාරිය ගැන කරුණු තහවුරු වී ඇත.

ගාමිණී නැමැති පුද්ගලයාගේ ගිණුමක තිබී රුපියල් ලක්ෂ 1400ක් සංසරණය වී තිබූ බව පසුගිය දා අනාවරණ වුණි.

ඒ අනුව අක්කා නැමැති මෙම කාන්තාවගේ හැඳුනුම්පත් අංක ඔස්සේ පරීක්ෂණ සිදුකළ පොලීසිය ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඇගේ බැංකු ගිණුම් 05ක වසර තුනක් තුළ රුපියල් මිලියන 305ක මුදලක් හුවමාරු වී ඇති බවය.

ඉන් එක් ගිණුමකින් මිලියන 161කට අධික මුදලකුත් තවත් ගිණුමකින් රුපියල් මිලියන 120කට අධික මුදලකුත් එම කාලය තුළ හුවමාරු වී තිබේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගත් බවට පැවසෙන මෝටර් රථයක් ද පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

මෙම කාන්තවගේ පුත්‍රයෙකු ද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම නිසා බන්ධනාගාරගතව සිටින්නෙක් බව වාර්තා වේ.

මේ අතර, තේ කඩයක් පවත්වාගෙන යන මුවාවෙන් පිට කොටුවේ බස්රථ රියදුරන් හා කන්ටේනර් රථ රියදුරන් ඉලක්ක කරගනිමින් ගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක් අද (14) කොටුව පොලීසිය විසින් වටලනු ලැබුවේය.

එහිදී සැකකාරියක් හෙරොයින් ග්‍රෑම් 03ක් සමග අත්අඩංගුවට ගෙන ගත් අතර ඇය කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මේ අතර පිටකොටුවේ බස් රථ රියදුරන්ගෙන් කප්පම් ලබාගත් පුද්ගලයන් සිව්දෙනෙකු අද කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඔවුන් ඇඹිලිපිටිය, ගම්පහ, කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

රත්නපුර පොලීසියේ දූෂණ මර්දන ඒකකය විසින් රත්නපුර, කරන්ගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකදී ගිනි අවියක් හා විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 02ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.‍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img