Sunday, November 15, 2026
HomeNEWSLatest Newsග්‍රෑන්ඩ්පාස් නිවාස සංකීර්ණයක වැටලීමකින් පුද්ගලයින් 61ක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් නිවාස සංකීර්ණයක වැටලීමකින් පුද්ගලයින් 61ක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් නිවාස සංකීර්ණයක වැටලීමකින් පුද්ගලයින් 61ක් අත්අඩංගුවට

පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව ඊයේ (14) රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන නිවාස සංකීර්ණයේ විශේෂ වැටලීමක් සිදුකර තිබේ.

එහිදී නිවාස 870ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර සැකකරුවන් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ග්‍රෑම් 39ක් ගංජා ග්‍රෑම් 85ක් සහ මත්පෙති 07ක් මෙම සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන තිබේ.

මේ අතර නාත්තණ්ඩිය වහලපිටිය ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන කෘතිම රා නිෂ්පාදනාගාරයක් වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් වටලා ගෝඩා ලීටර 2800ක් සිය භාරයට ගෙන තිබේ.

එම ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ අතර එහිදී පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් හම්බේගමුව, අරඹෙගම උණකන්ද ඝන කැලෑව තුළ පවත්වාගෙන ගිය ගංජා හේන් 03ක් වටලා පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img