Sunday, November 15, 2026
HomeNEWSLatest Newsපාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැබෙන දීමනා

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැබෙන දීමනා

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැබෙන දීමනා

09 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට දින ළං වෙමින් තිබියදී පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳ සොයාබැලීම සඳහා සිදුකෙරුණු “TRAVEL WITH CHATURA” වැඩසටහනෙන් අද (16) තොරතුරු ගෙන එන්නේ පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම සහ මන්ත්‍රී දීමනා පිළිබඳවය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ මාසික වැටුප රුපියල් 54,285කි.

භාවිත කරන ස්ථාවර හා ජංගම දුරකථන සඳහා මාසිකව රුපියල් පනස් දහසක දීමනාවක්ද මන්ත්‍රිවරයෙකුට හිමි වේ.

එමෙන්ම කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රුපියල් ලක්ෂයක්, සංග්‍රහ දීමනා ලෙස රුපියල් 1000 ක් හා රියදුරු දීමනාව ලෙස රුපියල් 3500ක් ද මාසිකව හිමිය.

මන්ත්‍රිවරයාගේ පෞද්ගලික කාර්යය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකුට, ඔහුගේ කාර්යාලයට පැමිණීම වෙනුවෙන් ගෙවීම සඳහා මාසිකව රුපියල් දස දහසක් ගෙවනු ලබයි.

එම මූලික දීමනාවලට අමතරව පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා දිනකට රුපියල් 2500 ක දිමනාවක්ද මන්ත්‍රිවරයෙකුට ගෙවනු ඇති.

පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල රැස්වෙන කාරක සභා සඳහා සහභාගිවීම වෙනුවෙන් රුපියල් 2500 ක දීමනාවක්ද මන්ත්‍රීවරුන්ට හිමිය.

එමෙන්ම එක් එක් මන්ත්‍රිවරයා තේරීපත්වූ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කරගනිමින් ඉන්ධන දීමනාවක් ද මන්ත්‍රිවරයෙකුට මසකට හිමිය.

ඒ එම මාසයේ පළමු දිනට පවතින ඉන්ධන වෙළෙඳපොළ මිල ගණන් අනුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img