රුපියල් කෝටි 20 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්
පියල් කෝටි 20 ක පමණ වටිනාකමින් යුත් ” මැන්ඩි ” නම් කෘත්‍රිම රසායනික මත්ද්‍රව්‍ය තොගයක් දෙහිවල පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.
ඒ මෙරටින් හමුවූ එම වර්ගයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගයයි.
මෙම මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ තොරතුරු ලැබී ඇත්තේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඔත්තුකරුවෙකුගෙනි.
ඒ අනුව, ගල්කිස්ස පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීමෙන් දෙහිවල පොලිස් ස්ථානයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර ඇත.
මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනුණේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ල වෙරළ මාවත ප්‍රදේශයේ අබලි ද්‍රව්‍ය ගබඩා කරන ස්ථානයකිනි.
“මැන්ඩි” නැමැති කෘත්‍රිම රසායනික මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක් එහිදී සොයාගෙන තිබේ.
මුහුදු මාර්ගයෙන් ගෙන්වූ බව පැවසෙන මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 20ක් පමණ වන බව පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන්, අම්බලන්ගොඩ පදිංචිකරුවෙකු වන ගිහාන් ඉෂාන්ත නැමැති 33 හැවිරිදි ධීවරයා අත්අඩංගුවට ගෙන ඇත.






















