Sunday, November 15, 2026
HomeNEWSLatest Newsසංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරී හිඟයක් ? - විමර්ශනවලට බාධා

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරී හිඟයක් ? – විමර්ශනවලට බාධා

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරී හිඟයක් ? – විමර්ශනවලට බාධා

පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරී හිඟයක් හේතුවෙන් එහි සිදුකරන විමර්ශනවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් මේ වන විට එම කොට්ඨාසයේ නොමැති බැවින් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව වාර්තා වේ.

නිලධාරීන් සියයට ආසන්න සංඛ්‍යාවක් මීට පෙර පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ සේවය කර ඇති අතර මේ වන විට එහි සේවය කරන්නේ නිලධාරීන් 70කට ආසන්න සංඛ්‍යාවක් වේ.

එම නිසා දෛනිකව වාර්තා වන පැමිණිලි හා ඊට අදාළ විමර්ශන කටයුතු සිදුකරගෙන යාමේ අපහසුතාවක් මේ වන විට මතුව තිබේ.

මේ සම්බන්ධයෙන් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පොලිස් මූලස්ථානය වෙත ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්ය.

මීට වසරකට පමණ පෙර සැලකිය යුතු නිලධාරීන් සංඛ්‍යාවක් මෙම කොට්ඨාසයේ සේවය කර ඇති අතර සේවයේ අවශ්‍යතාව මත සිදුකර ඇති විවිධ ස්ථාන මාරුකිරීම් සහ වෙනත් රාජකාරී සඳහා යෙදවීම් මෙම තත්ත්වයට හේතු වී තිබේ.

රාජකාරීන් සඳහා යොමුකර ඇති නිලධාරීන් වෙනුවට නව නිලධාරීන් ආදේශ කිරීම් මෙතෙක් සැලකිය යුතු මට්ටමකින් සිදුකර නොමැති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img