Sunday, November 15, 2026
HomeNEWSLatest Newsපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

ලබන 20 වැනිදා පැවැත්වෙන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ අනුව දැනට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ගැසට් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 223 දෙනාට අදාළ ලිපි යොමුකර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

9 වන පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමේ කටයුතු මේ මස 20 වැනිදා පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.

කතානායකවරයෙකු, නියෝජ්‍ය කතානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත්කරගැනීම හා සියලුම අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම්දිම එදිනට සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මන්ත්‍රීවරුන් වෙත යොමුකළ ලිපියේ සඳහන් වේ.

මේ අතර ගැසට් කර ඇති මන්ත්‍රීවරුන් සියලුදෙනාම ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මේ වන විට ලියාපදිංචි වී ඇති බව ද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img