විදුලිය බිඳවැටීමෙන් ජල සැපයුමට බාධා
වයින පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල වී තිබේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ විදුලිජනන යන්ත්‍ර නොමැති ජල පොම්පාගාරවලින් ජලය සැපයීමේදී බාධා එල්ල වී ඇති බවය.
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමෙන් පසු ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට පැය 3ත් 5ත් අතර කාලයක් ගත වනු ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.
මේ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දී තිබේ.






















