Sunday, November 15, 2026
HomeNEWSLatest Newsපාඨලී චම්පික රණවකට අධිකරණයෙන් දුන් නියෝගය

පාඨලී චම්පික රණවකට අධිකරණයෙන් දුන් නියෝගය

පාඨලී චම්පික රණවකට අධිකරණයෙන් දුන් නියෝගය

නොසැලකිලිමත් ලෙස අපරික්ෂාකාරීව රිය පදවා බරපතළ  අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට මේ මස 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (19) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ට හෙට දින අධිකරණය හමුවේ පෙනී සිට ලෙස දන්වා මීට පෙර සිතාසි නිකුත් කර තිබුණි.

එහෙත් මෝසමක් ඉදිරිපත් කරමින් අද දින අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ හෙට දින පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන බැවින් ඊට සහභාගි වීමට අවශ්‍යව තිබෙන බවත් ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටිම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසය.

ඒ අනුව විත්තිකාර පාඨලී චම්පික රණවක මහතාට මේ මස 28 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියම කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකාර රණවක මහතා මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියම කර තිබූ පෙර ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img