කෙරවලපිටිය විදුලිය බිඳවැටීමේ හේතුව හෙළිදරව් වේ.
කෙරවලපිටිය විදුලිය බිඳවැටීමේ හේතුව හෙළිදරව් වේ. කෙරවලපිටිය විදුලි බලාගාරයේ විදුලිය බිඳ වැටීමට හේතුව හෙළි වෙමින් පවතී. එම බලාගාරයේ සේවකයෙකුගේ අතින් සිදු වූ වරදක් හේතුවෙන් එම බිඳ වැටීම සිදු වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය දැනට සිදුකරගෙන යන පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. මෙම කරුණු අනාවරණය වූයේ ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙනි. ඔහු ප්‍රකාශ කර ඇත්තේ සේවකයෙකුගේ අතින් සිදු වූ වරදක් හේතුවෙන් කෙරවලපිටිය විදුලි බිද වැටීම සිදු වී ඇති බවයි.






















