Monday, May 4, 2026
HomeNEWSLatest Newsවිජයග්‍රහණය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ගරු අග්‍රාමාත්‍ය තුමාට සුභ පැතුම් එක් කරයි

විජයග්‍රහණය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ගරු අග්‍රාමාත්‍ය තුමාට සුභ පැතුම් එක් කරයි

මහ මැතිවරණයේ විජයග්‍රහණය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු අගමැතිවරයා
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සුභ පැතුම් එක් කරයි

මහ මැතිවරණයේ විජයග්‍රහණය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු අගමැතිවරයා
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සුභ පැතුම් එක් කරයි
මහ මැතිවරණයෙන් ලද විජයග්‍රහණය පිළිබඳව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්
මහතා අද 2020.08.21 පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්
කළේය.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ද්වී පාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ
අභිලාෂයෙන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගන්නා ආකාරය
පිළිබඳව දෙරටේ නායකයෝ සාකච්ඡාවක නිරත වූහ.
“ලෝකයේ මේ අර්ධයේ බොහෝ දේ සිදුවෙමින් පවතින” බව පැවසූ අග්‍රාමාත්‍ය මොරිසන් මහතා,
අගමැති රාජපක්ෂ මැතිතුමා හා නව රජය සමඟ ඉතා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන
බව පැවසීය.
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසා
එතුමාට සුබ පැතුම් එක් කරන බව ද කියා සිටියේය.
COVID-19 තත්ත්වය පාලනය වූ පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රාජපක්ෂ
මැතිතුමා, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මොරිසන් මහතාට ආරාධනා කළේය.
මෙම ආරාධනාව සතුටින් පිළිගනිමින් ස්තූති කළ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකාවට
පැමිණි අවසන් සංචාරය සිහිපත් කරමින් “ශ්‍රී ලංකාව සුන්දර රටක්” යැයි පවසා තමන් හැකි
වහාම මෙරට සංචාරයේ නිරත වන බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බැංකුවක වංචාවක් ගැන සඳහන් කරමින් රවීගෙන් ජනපතිට ලිපියක්

NDB බැංකු වංචාව, අතපසුවීම් සහ මූල්‍ය අධීක්ෂණයේ පද්ධතිමය දුර්වලතා පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් කරුණු 05...

ත්‍රී රෝද රථවල ගාස්තුවල වැඩිවීමක් ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුවේද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන...

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img