Saturday, May 2, 2026
HomeNEWSLatest Newsහදිසි විදුලි බිඳවැටීම ගැන කමිටු වාර්තාව අද !

හදිසි විදුලි බිඳවැටීම ගැන කමිටු වාර්තාව අද !

දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ මූලික වාර්තාව අද (24) දිනයේ දී විෂයභාර අමාත්‍යවරයා වෙත භාර දීමට නියමිතව තිබේ.

පසුගිය සඳුදා කෙරවලපිටිය ග්‍රීඩ් උපපොළේ සිදුවු දෝෂයක් හේතුවෙන් දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදුවිය.

පැය 5 කට අධික කාලයක් දිවයින පුරා විදුලිය බිඳ වැටී තිබූ අතර මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබීය.

සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් මෙම විද්වත් කමිටුව සිය මූලික විමර්ශන වාර්තාව අද දිනයේ දී විෂයභාර අමාත්‍යවරයා වෙත භාර දීමට නියමිත බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් වන අවසන් වාර්තාව මේ වන තෙක් සකස් කර නොමැති බව ඔහු සඳහන් කළේය.

මේ අතර ඊයේ දිනයේ දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේ, තමා අමාත්‍යධූරය බාර ගෙන පැය 96ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ සිදුවු මෙම සිද්ධියේ දී වගකිය යුත්තේ විදුලිබල අමාත්‍යාංශය බවට අනාවරණය වුවහොත් තමා සිය අමාත්‍යාංශයෙන් ඉවත් වන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img