Saturday, May 2, 2026
HomeNEWSLatest Newsදෙහැවිරිදි දියණියකට දිවි අහිමි කළ මඩවල වංගුවේ බිහිසුණු අනතුර

දෙහැවිරිදි දියණියකට දිවි අහිමි කළ මඩවල වංගුවේ බිහිසුණු අනතුර

ගලගෙදර පොලිස් වසමේ මහනුවර – කුරුණෑගල මාර්ගයේ මඩවල වංගුවේ දී සිදුවු රිය අනතුරකින් එකම පවුලේ පියා සහ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (23) රාත්‍රී 9.30ට පමණ කුරුණෑගල දෙසට ධාවනය වු කන්ටේනර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි කාර් රථයක ගැටී අනතුරුව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් කාර් රථයක් මතට පෙරළී අනතුර සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබු කාර් රථ දෙකෙහි ගමන් ගත් පුද්ගලයින් 5 දෙනෙක් හා කන්ටේනර් රථයේ රියදුරු ගලගෙදර හා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අනතුරින් මෝටර් රථවලට බරපතළ හානි සිදුව ඇති අතර එක් මෝටර් රථයක් මව විසින් පදවා ඇති අතර එහි ද දියණියක් සිට ඇත.

අනෙක් මෝටර් රථයේ එකම පවුලේ පියා, මව හා දරුවන් දෙදෙනෙක් සිට ඇති අතර, පියා හෝටල් කළමනාකරුවෙක් බව “අද දෙරණ“ වාර්තාකරු පවසයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 2ක් වන දියණිය හා වයස අවුරුදු 36ක් වන ඇයගේ පියා ය.

ඔවුන් නිල්ලඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. 

ගලගෙදර හා පේරාදෙණිය රෝහල්වල මෘත ශරීර තැන්පත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් ගලගෙදර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img