Wednesday, September 9, 2026
HomeNEWSLatest Newsහදිසි විදුලි බිඳවැටීම සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ඇමතිට බාර දෙයි

හදිසි විදුලි බිඳවැටීම සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ඇමතිට බාර දෙයි

ජාතික විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත අද (24) පස්වරුවේ විදුලිබල අමාත්‍යාංශයේ දී බාර දී තිබේ.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

අදාළ වාර්තාව හෙට (25) දිනයේදී විෂයභාර අමාත්‍යවරයාගේ විශේෂ විමර්ශනයට ලක් කිරීමට නියමිත අතර අනිද්දා (26) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමටද වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙරවලපිටියේ බලාගාරයට යාබද ප්‍රධාන විදුලි උපපොළේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පසුගිය 17 වැනිදා දහවල් 12.30 ට පමණ ජාතික විදුලිබල පද්ධතිය බිඳවැටුණු අතර එය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට පැය 8 ක් පමණ ගත විය.

ඒ සමඟම නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය ද සම්පූර්ණයෙන් අක්‍රිය වු අතර එයින් ජාතික පද්ධතියට ලබාදුන් විදුලි ධාරිතාව ද අහිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය

ඇමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය පර්සියානු බොක්කේ ගමන් කළ ඇමරිකානු නෞකා දෙකකට සහ තෙල් ප්‍රවාහන නෞකා අටකට ද ප්‍රහාර එල්ල කරයි: විදෙස් මාධ්‍ය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය...

පෞද්ගලික අංශයටත් දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම ඔක්තෝබර් 01 දා සිට

පෞද්ගලික අංශයටත් seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හරහා online ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම ඔක්තෝබර් 01 දා සිට ...!! දුම්රිය ප්‍රවාහන පහසුකම් ලබාගන්නා මෙරට පෞද්ගලික...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img