Thursday, September 3, 2026
HomeNEWSLatest Newsකොවිඩ් නිසා ලක්ෂ 4කට රැකියා අහිමිවෙලා -සජිත්

කොවිඩ් නිසා ලක්ෂ 4කට රැකියා අහිමිවෙලා -සජිත්

කොවිඩ් නිසා ලක්ෂ 4කට රැකියා අහිමිවෙලා -සජිත්

කොවිඩ් -19 බලපෑම නිසා රැකියා අහිමි වූ පිරිස් වෙත ආදායම් මාර්ග සලසා දීම රජය සතු වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ (24) බොරැල්ල ප්‍රදේශයේ දී පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“කොවිඩ්-19 නිසා රටේ ලක්ෂ 4කට රැකියා අහිමිවෙලා තියෙන්නේ. අපි ආණ්ඩු බලයට පත්වුණා නම් අපේ වගකීම වන්නේ රැකියා අහිමි වූ හාරලක්ෂයට අලුතින් කර්මාන්ත බිහිකරලා, ඒ රැකියා ලබා දීම අපේ වගකීම වෙනවා,“ යනුවෙන් විපක්ෂ නායකවරයා පැවසීය.

“එහෙත් රටේ සමස්ථ ජනතාව තීරණය කළා ආණ්ඩු බලය යන්නට අවශ්‍ය පොහොට්ටු පක්ෂයට කියලා. ඒ නිසා ජනතා තීන්දුවට අපි ගරු කළා, ඒ වගේම ජනතාව තීන්දු කළා පොහොට්ටුව නොවෙයි සමගි ජන බලවේගය විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම විය යුතුයි කියලා. ඒ තීරණයටත් අපි ගරු කරනවා. ඒ හැම තීන්දුවකට ගරු කරනවා වගේම පොහොට්ටු රජයේ වගකීමක් වෙනවා අහිමි වූ රැකියා ලක්ෂ හතර නැවතවරක් නිර්මාණය කරලා, ආදයම් මාර්ගයක් නිර්මාණය කිරීම,“ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img