එජාප නායකත්වය – තීරණය අද ?
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (25) පැවැත්වීමට නියමිතව තිබේ.
අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු තෝරා ගැනීම සඳහා අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී අවසන් එකඟතාවයකට පැමිණෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.






















