Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsපැහැරගෙන ගොස් ඇතැයි පැවසු අපේ ජන බල පක්ෂයේ ලේකම් හිමි කොළඹට !

පැහැරගෙන ගොස් ඇතැයි පැවසු අපේ ජන බල පක්ෂයේ ලේකම් හිමි කොළඹට !

තමන් වහන්සේව කිසිවෙකු විසින් හෝ පැහැරගෙන නොමැති බවත්, මැතිවරණ කොමිසම මන්ත්‍රී ධුරය සම්බන්ධ කාරණාව නිරාකරණය කරන තෙක් බලාසිටින බවත් අපේ ජන බල පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පවසති.

අද (26) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව පැවසුහ.

කෙසේවෙතත් උන්වහසේගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් අද දිනයේත් පැමිණිලි කරසිටියේ වේදිනිගම හිමියන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ අනුදැනුම මත රඳවාගෙන ඇති බවය.

අතුරුදන්ව සිටින බව පැවසෙන අපේ ජන බල පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් ඇතැයි සිදුකළ පැමිණිල්ලෙහි පරීක්ෂණ කටයුතුවල වත්මන් තත්ත්වය පිළිබඳව විමසීම සඳහා උන්වහන්සේගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් අද කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණියේය.

අනතුරුව පූජ්‍ය හුනුපිටියේ චන්ද්‍රසිරි හිමියන් ඇතුලු පිරිස පැමිණියේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවීම සඳහාය.

මේ අතර අපේ ජන බල පක්ෂයේ තවත් සාමාජිකයින් පිරිසක් අද පස්වරුවේ මැතිවරණ කොමිසම වෙත පැමිණ පක්ෂයට හිමි මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් කොමිසම විසින් සාධාරණ හා අපක්ෂපාතී තීරණයක් ඉතා ඉක්මණින් ගන්නා ලෙස ඉල්ලමින් ලිපියක් භාර දුන්නේය.

වේදිනිගම විමලතිස්ස හිමියන්ගේ පැහැරගැනීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයේ උන්වහන්සේගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුනුපිටියේ චන්ද්‍රසිරි හිමියන් අද පස්වරුවේ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කළහ.

මෙවන් පසුබිමක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අපේ ජන බල පක්ෂයට හිමි ආසනය අවලංගු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img