Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsමංගල කළ බලපෑමක් ගැන දේශපාලන කොමිසමේ දී හෙළිවේ

මංගල කළ බලපෑමක් ගැන දේශපාලන කොමිසමේ දී හෙළිවේ

මෙරට බුද්ධි අංශ විසින් අසාදු ලේඛන ගතකළ LTTE සාමාජිකයකු සහ එම සංවිධානයට උපකාර කළ පුද්ගලයින්ගේ නම් දෙකක් අසාදු ලේඛනයෙන් ඉවත් කරන්නැයි පසුගිය රජයේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා තමාට බලපෑම් කළ බව එවකට ජාතික බුද්ධි ප්‍රධානී තනතුරේ වැඩ බැලූ වත්මන් බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි කර්නල් ශම්මි කුමාරත්න මහතා අද (26) අනාවරණය කළේය.

දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ කරුණු දක්වමින් ඔහු ඒ බව අනාවරණය කළේය.

2015 යහපාලන රජය බලයට පත්වීමෙන් පසු පුරප්පාඩු වූ ජාතික බුද්ධි ප්‍රධානී තනතුරේ එවකට හිටපු ආරක්ෂක ලේකම් B.M.U.D.බස්නායක මහතාගේ උපදෙස් මත තමන්ට ජාතික බුද්ධි ප්‍රධානී තනතුරේ කටයුතු ආවරණය කිරීමට සිදු වූ බව බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි කර්නල් ශම්මි කුමාරත්න මහතා අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේය.

එහිදී ජාතික බුද්ධි ප්‍රධානියා වශයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් ත්‍රස්ත මර්දන  ක්‍රමෝපායක් ලෙස අනුමත කරන ලැබූ 13/73 ප්‍රඥප්තියේ ලේඛනයට ඇතුළත් වන ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධ පුද්ගලයින් මෙන්ම ත්‍රස්ත සංවිධානවලට සහය ලබාදෙන පුද්ගලයින්ගේ නාම ලේඛනය සකස් කිරීම සිදුකළ බව ඔහු පැවසීය.

ඒ අනුව එවක ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ B.M.U.D. බස්නායක මහතාට තමා එම ලේඛනය ඉදිරිපත් කළ විට විදේශ අමාත්‍යවරයා හමුවන ලෙසට උපදෙස් දුන් බවත්, ඒ අනුව මංගල සමරවීර මහතා හමු වූ විට ඔහු කිසිදු සොයාබැලීමකින් තොරව ඉතා උස් ස්වරයෙන් මෙය රාජපක්ෂ රෙජිමයක් නොවන බව මතක තබාගන්නැයි සඳහන් කළ බවත් කර්නල් ශම්මි කුමාරත්න මහතා අනාවරණය කළේය.

එම අසාදු ලේඛනයට ඇතුළත්ව තිබූ එම්මානුවෙල් පියතුමාගේ සහ සුරේන් සුරේන්ද්‍ර යන අයගේ නම් දෙක සම්බන්ධයෙන් අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළ බව සාක්ෂිකරු පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ එම්මානුවෙල් පියතුමා සහ සුරේන් සුරේන්ද්‍රන් යන අය තමාගේ මිතුරන් බවත්, පසුගිය කාලයේ තමන් එංගලන්තයට ගොස් සිටියදී ඔවුන් තමාට සුහදව සැළකූ බවත් මංගල සමරවීර මහතා තමාට පැවසූ බවය.

“ඔවුන් ඒ කාලයේ LTTE වෙන්න පුළුවන්. නමුත් දැන් ඒගොල්ලො LTTE නැහැ, තමුසෙලා පසුගිය කාලයේ මේ ලේඛන හැදුවේ ගෝඨාභයගේ ටෙලිෆෝන් කෝල් එකකින් ආපු නම් දාලා” යනුවෙන් තමාට මංගල සමරවීර මහතා ප්‍රකාශ කළ බවද ඔහු තවදුරටත් අනාවරණ කළේය.

මෙම සාකච්ඡාවේ දී තමන් මංගල සමරවීර මහතාට කරුණු දැක්වීමට යාමේදී අජිත්. පී පෙරේරා මහතා තමාට අතින් නිහඬ වන ලෙසට සංඥා කළ බවත්, අනතුරුව එම සාකච්ඡාව පැවති ස්ථානයෙන් නැගිට පිටව යාමට පෙර මංගල සමරවීර මහතා  ” Dont send it to me, i will catch you” යනුවෙන් සඳහන් කළ බවත් කර්නල් ශම්මි කුමාරත්න මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img