Thursday, April 16, 2026
HomeNEWSLatest Newsමම යවපු වාර්තා එක මිනිහෙක් හරි කියෙව්වා නම් අර අහිංසක මිනිස්සු මැරෙන්නේ...

මම යවපු වාර්තා එක මිනිහෙක් හරි කියෙව්වා නම් අර අහිංසක මිනිස්සු මැරෙන්නේ නැහැ -නිලන්ත ජයවර්ධන

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්පුර්ණෙන්ම වැළැක්වීමට හැකියාව තිබුණේ සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමෙන් පමණක් බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (27) පැවසීය.

හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ 20 වන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අතර එහිදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිල්ෂාන් ජයසුරිය මහතා දෙවන දිනටත් සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසනු ලැබීය.

සාක්ෂිකරු වෙත හරස් ප්‍රශ්නයක් යොමුකරමින් පළමුව නීතිඥවරයා විමසා සිටියේ 2019 අප්‍රේල් මස 04 දින ලද විදෙස් බුද්ධි තොරතුර ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාට යොමු කිරීමෙදී “Top Secret” යන වදනට වඩා වැඩියමක් සටහන් නොකළේ මන්ද යන්නය.

එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ “මම හිතුවේ Top Secret කියන එක තේරුම් ගනී කියලා. මට ඉහළින් ඉඳපු සෑම නිලධාරියෙකුටම බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් යම් දැනුමක් තිබ්බා. සිසිර මෙන්ඩිස් මහතා ජාතික බුද්ධි ප්‍රධානියා හැටියට වැඩ කරන්නේ 2015 ඉදලා. මේ මම Top Secret කියලා යවපු පළමු බුද්ධි තොරතුර නෙමේ. මම විශ්වාස කළා කැබිනට් එකෙන් පත්කරපු නිලධාරීන්ට තමන්ට එන කොළයක් කියවලා තේරුම්ගැනීමේ හැකියාවක් තිබ්බා කියලා. නමුත් මට දැන් හිතෙනවා ගතයුතු පියවරත් ලිඛිතව දැනුම් දුන්නානම් හොඳයි කියලා.”

මෙහිදී කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ, “ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා ඔහුගේ සේවාදායකයා වෙනුවෙන් නොවිමසු ප්‍රශ්න හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා විමසන්නේ මන්ද” යන්නය.

සභාපතිවරයාගේ එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා කියා සිටියේ, “මගේ සේවාදායකයා වන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එල්ල වෙලා තියෙන චෝදනාව තමයි, 04 වෙනි දා බුද්ධි තොරතුර ලැබුණා, 21 ප්‍රහාරයක් එල්ල වුණා. දවස් 17ක් යනකං කිසිම පියවරක් ගත්තේ නැහැ කියන එක. ඒ සම්බන්ධයෙන් ඔහුට මහෙස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩුවක් පවා තියෙනවා. ඒ නිසා මට අවශ්‍යයි අප්‍රේල් 04 ලද බුද්ධි තොරතුර 21 වෙනකල් තිබුණේ කවුරු ළඟද, ඔවුන් කොහොමද ක්‍රියා කළේ, දින 17 ඇතුළත ලිපි කොහොමද හුවමාරු වුණේ, කියලා මේ ගරු කොමිසමට පෙන්වා දෙන්න.”

මෙහිදී ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා විමසා සිටියේ “අප්‍රේල් 04 වන දින ප්‍රහාරය පිළිබඳ විදෙස් බුද්ධි අංශ පුර්ව දැනුවත් කිරීමක් කර තිබියදීත්, අප්‍රේල් 16,17 දින සහරාන් හෂිම් ප්‍රමුඛ අනුගාමිකයන් ප්‍රහාරය සැලසුම් කිරීමට කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුළ ගැවසී ඇති පසුබිමක බුද්ධි අංශ එම හෝටල්වල ආවේශණ රාජකාරි සිදු නොකළේද?” යන්නය.

එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියාසිටියේ, “බුද්ධි තොරතුරේ හෝටලයකට ප්‍රහාරයක් එල්ල වියහැකි බව සඳහන් වුවද, සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදීන් තරු 05 හෝටල්වල ගැවසෙන බවට තමන්ට තොරතුරු ලැබී නොතිබුණු” බවය.

ඔහු වැඩිදුරටත් කියාසිටියේ “2019 වසරේ ජනවාරි ඉදලා බුද්ධි සමාලෝචන රැස්වීම් 26ක් තියෙන්න තිබ්බා. 05 යි තිබ්බේ. මම යවපු වාර්තා එක මිනිහෙක් හරි කියෙව්වානම් අර අහිංසක මිනිස්සු මැරෙන්නේ නැහැ.”යනුවෙනි.

මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ, “අප්‍රේල් 04 ලද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් සියලුම ආරක්ෂක අංශ එක්ව කණ්ඩායමක් ලෙස රාජකාරි සිදුකළේනම් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබුණේද?” යන්නය.

එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියාසිටියේ ” 100%ක් නොවුණත් යම් ප්‍රමාණයකට හානිය අවම කරගන්න තිබුණා.” යනුවෙනි.

එමෙන්ම “මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්පුර්ණෙන්ම නැවැත්වීම අසීරු කටයුත්තක්. නවුෆර් හෝ ඊබ්‍රාහිම් සහෝදරයෝ අත්අඩංගුවට ගත්තානම් යම් ප්‍රමාණයකට ප්‍රහාරයේ විශාලත්වය අවම කර ගැනීමට තිබුණා. නමුත් සම්පුර්ණ ප්‍රහාරයම වැළැක්වීමට නම් සහරාන් හෂීම්ව අත්අඩංගුවට ගතයුතුව තිබුණා.” යනුවෙන් නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img