Thursday, April 16, 2026
HomeNEWSLatest Newsරජීව් ගාන්ධි ඝාතනයට නියෝගය දුන්නේ ප්‍රභාකරන් - සෝල්හයිම් පවසයි

රජීව් ගාන්ධි ඝාතනයට නියෝගය දුන්නේ ප්‍රභාකරන් – සෝල්හයිම් පවසයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනය කිරීම සඳහා නියෝගකර ඇත්තේ එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් බව එවක ශ්‍රී ලංකාවේ සාම නියෝජිතයෙකු ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, LTTE  සංවිධානයේ න්‍යායචාර්යවරයා ලෙස කටයුතු කළ ඇන්ටන් බාලසිංහම් එය තමන් සමග පැවසූ බවය.

එමෙන්ම බාලසිංහම් තමන් සමග කිසිදා අසත්‍යයක් පවසා නොමැති බැවින් තමන් මේ ප්‍රකාශය විශ්වාස
කරන බවත් ඔහු සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබේ.

හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි 1991 වසරේ මැයි මාසයේ දී මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඝාතනයට
ලක්විය.

යුද්ධයේ දී ප්‍රමාණවත් කැපවීමක් දැක්වීමට ප්‍රභාකරන් අසමත්වූ බවත්, අවසන් යුද්ධයේ දී දමිළ ප්‍රජාව යුද
භූමියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය ලබාදුන් අවස්ථාව පිළිගැනීමට නිහතමානී නොවූ බවත් ට්විටර්
පණිවිඩයක් මඟින් සෝල්හයිම් සඳහන් කර තිබේ.

එම ට්විටර් පණිවිඩය පහතින් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img