විදුලි නඩත්තු කටයුතුවල දී අනුගමනය කළ යුතු විධිමත් ක්‍රියාවලියක් සකස්කළ යුතු බව පසුගියදා සිදුවූ විදුලිය බිඳ වැටීම පිළිබඳ සෙවීමට පත්කළ කමිටුව පවසයි.
අද (28) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් මේ බව පැවසුවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්, කේ.එච්.ඩී.කේ. සමරකෝන් මහතා පවසා සිටියේ, “අතුරු වාර්තාවක් ලෙස මේ වාර්තාව ලෙස මේ වාර්තාව ඉදිරිපත් කරනවා. ඉදිරියේ දී දීර්ඝ විස්තර සහිතව වාර්තාව අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට අපි පොරොන්දු වෙලා තියෙනවා.“ යනුවෙන් කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්ය රාහුල අතලගේ මහතා, “බලශක්ති බලාගාරවල දී අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. නමුත් කමිටුවට මෙහිදී එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට තියෙනවා ද නැද්ද කියන එක නිරීක්ෂණය කර ගැනීමට හැකි වුයේ නැහැ.“ යනුවෙන් පැවසීය.
මෙහිදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කිහිපයක් ද ඉදිරිපත් කර සිටියේය.
ප්රශ්නය – කෙරවලපිටියේ විදුලි අධිකාරීවරයාගේ වැරදි ක්රියාකලාපයක් නිසා මේ දේ සිදුවුණා කියලා කිව්වා. නමුත්, නඩත්තු කටයුතු පටිපාටිය අනුව සකස් කළ අත්පොතක් කෙරවලපිටියේ තිබුණේ නැහැ කියනවා?
“පැහැදිලි ලෙසම මෙම බිඳවැටීමේ දී කිසිදු ක්‍රමවේදයක් අනුගමනය කරලා නැහැ. ඒක නිසා කමිටු වාර්තාවේ සදහන් වෙනවා වඩා හොඳ ක්‍රමවේදයක් මේ සඳහා ඉදිරිපත් කළ යුතුයි කියන දේ.“
ප්රශ්නය – තවම එයා වැඩද?
විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් සුලක්ෂණ ජයවර්ධන – “ලංකා විදුලිබල මණ්ඩලයේ විනය සංග්‍රහයක් තියෙනවා. ඒ අනුව ඔහුට එරෙහිව විනය කටයුතු ගැනීමේ හැකියාව තියෙනවා. මුලික විනය පරීක්ෂණය මාස 3ක් ඇතුළත අවසන් කරනවා.
ප්රශ්නය – ඒ කියන්නේ මෙයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නේ මාස 3කට පස්සේ?
නැ.. නැ… ආයතන ප්‍රධානියා හිතනවා නම් එයාගේ වැඩතහනම් කරනවා කියලා වැනි ක්‍රමවේදයකට යන්න පුළුවන්.
ඔබතුමාලා කොහොමද කියන්නේ මේක අධිකාරීවරයාගේ අත්වැරැද්ද කියලා?
එයාම තමයි කොන්ට්‍රෝල් රූම් එකට දන්වලා තියෙන්නේ, “ සර් මගේ අතින් මෙහෙම වැරැද්දක් වුණා“ කියලා. මොකද එයා දන්නේ නැහැ රටේම විදුලිය නැහැ කියලා. නමුත් එයා කියලා තියෙනවා වැරැද්දක් වුණ නිසා කෙලවරපිටිය බලාගාරයේ සම්පූර්ණයෙන් විදුලිය විසන්ධි වුණා කියලා සඳහන් කරලා. එතුමා කමිටුව ඉදිරියේ පිළිගත්තා මෙහෙම වැරැද්දක් වුණා කියලා සහ මෙවැනි වැරැද්දක් නොවිය යුතුව තිබුණු බව ද එතුමා සඳහන් කරා.
විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්, කේ.එච්.ඩී.කේ. සමරකෝන් – “ මේකේ වගකීම විදුලිබල අධිකාරීවරයාට විතරක් පවරලා නැහැ. මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ දී වගකිව යුතු සියලු දෙනා එයට වගකිව යුතුයි.“