Sunday, November 15, 2026
HomeNEWSCOVID-19කොවිඩ් වැළඳුනු කාන්තාව හමුවූ බංගදෙණියේ පීසීආර් පරීක්ෂණ

කොවිඩ් වැළඳුනු කාන්තාව හමුවූ බංගදෙණියේ පීසීආර් පරීක්ෂණ

හලාවත, බංගදෙණිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 15 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා ලක් කිරීමට පියවර ගෙන තිබේ.

පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ එම කාන්තාවගේ ඥාතීන් සහ අසල්වැසියන් ඇතුළු ඇසුරු කළ පුද්ගලයින් 15 දෙනෙකු මෙලෙස පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවය.  

ඔවුන් සියලු දෙනාම නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද ඇය සදහන් කළාය.

මේ අතර ඊයේ (27) බංගදෙණිය ප්‍රදේශයෙන් හඳුනාගත්  29 හැවිරිදි ගැබිනි කාන්තාව මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව මූලික රෝහල වෙත යොමු කර තිබේ

ඩුබායි හි සිට පසුගිය මාසයේ මෙරටට පැමිණි එම කාන්තාව නිරෝධායන කාලසීමාව අවසන් කර ඇයගේ නිවෙස තුළ නිරෝධායනයට යොමු කර තිබුණි.

ඒ අතර සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකට අනුව ඇයට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

එමෙන්ම ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 308 දෙනෙකු  ‍අද (28) සිය නිවෙස් කරා යැවූ බව බලධාරීන් පැවසීය.

ඔවුන් තවත් දින 14ක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුනගේ අධික්ෂණය යටතේ නිවෙස් නිරෝධායනය සඳහා යොමුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

මේ වන විට පුද්ගලයින් 33, 695 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත් කර ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

නිරෝධායන මධ්‍යස්ථාන 69ක් තුළ පුද්ගලයින් 7122දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img