Tuesday, April 28, 2026
HomeNEWSLatest Newsඅග්‍රාමාත්‍යතුමා මහර රෝස්වුඩ් රෝහල් සංකීර්ණය විවෘත කිරීමට එක් වෙයි.

අග්‍රාමාත්‍යතුමා මහර රෝස්වුඩ් රෝහල් සංකීර්ණය විවෘත කිරීමට එක් වෙයි.


අග්‍රාමාත්‍යතුමා මහර 
රෝස්වුඩ් රෝහල් සංකීර්ණය විවෘත කිරීමට එක් වෙයි.

කඩවත, මහර ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහිත රෝහලක් ලැබීම පිළිබඳව තමන් සතුටට පත් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 2020.08.29 දින පැවසීය.

මහර රෝස්වුඩ් පෞද්ගලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය,ශෛල්‍යාගාරය සහ රසායනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය. 

පළාතේ අවශ්‍යතාවය තේරුම්ගෙන ජනතාවට සේවයක් වන සේ මෙම රෝහල ඇරඹීම පිළිබඳව රෝස්වුඩ් කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය අසේල විජේසුන්දර මහතාට අප ස්තූතිවන්ත විය යුතු බව අග්‍රාමාත්‍යතුමා පැවසීය.

“වෛද්‍ය අසේල විජේසුන්දර මහතා තමන් දැන හැදින ගත්තේ,දන්ත වෛද්‍යවරයෙකුට වඩා කලා කරුවෙකු ලෙස යැයි සිහිපත් කළ අතර, අසේල විජේසුන්දර මහතා උපන් ගම් ප්‍රදේශය වන කුරූණෑගල, මහව, නාගොල්ලාගම ප්‍රදේශයෙහි ඇති ගැමි පරිසරය නිසා ඔහු වෛද්‍ය වෘතියත්, කලාවත් එකසේ ප්‍රගුණ කළ බව මා විශ්වාස කරනවා.”

එවැනි පුද්ගලයෙකු අතින් මහර ප්‍රදේශයට මෙවැනි රෝහලක් ලැබීම ගැන තමා සතුටට පත් වන බව වැඩිදුරටත් අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කරන ලදී. 

මෙම අවස්ථාව සඳහා කොළඹ ගංඟාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, කඩවත බ්ම්බාරාමයේ විහාරාධිපති හුරිගස්වැවේ සද්ධාවාස හිමි, ජනාධිපති නීතීඥ ප්‍රසන්න ලාල් ද අල්විස් මහතා, “දේශය” කර්තෘ රංජිත් ආනන්ද ජයසිංහ මහතා, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා, බියගම ප්‍රාදේශීය සභා සභාපති ගනේපොළ මහතා, විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා, විශාරද අමරසිරි පීරිස්  මහතා ඇතුලුකලාකරුවන් හා මාධ්‍යවෙදීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img