Tuesday, April 28, 2026
HomeNEWSLatest NewsCOVID- 19 අරමුදලට ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙන් අමරිකානු ඩොලර් 500,000 ක් ....

COVID- 19 අරමුදලට ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙන් අමරිකානු ඩොලර් 500,000 ක් ….

COVID- 19 අරමුදලට ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙන් අමරිකානු ඩොලර් 500,000  ක් ….

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ඉටුකම COVID- 19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට අමරිකානු ඩොලර් 500,000ක (රුපියල් මිලියන 92.5 )මුදලක් පරිත්‍යාග කරයි. 

ස්ටෑන්ඩර්ටඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරතන්ත්‍රි මහතා  ඊට අදාළ චෙක්පත ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සංකේතාත්මකව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.

ශ්‍රී ලංකාවේ COVID- 19ට එරෙහි සටනට සිය දායකත්වය ලබාදෙමින් ශ්‍රී ලංකා රතුකුරුස සංගමය මගින් බැංකුව පරිත්‍යාගය සිදු කර තිබේ.  ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් පීඑල්සී මගින් ලබා දුන් අමරිකානු ඩොලර් 300,000ක් හා මෙරට ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බංකුව ලබාදුන් අමරිකානු ඩොලර් 200,000කින් මේ මුදල සමන්විතය.

කොරෝනා වෛරසය පාලනය සහ මර්ධනය, රෝගය පතිරයාම වැළැක්වීම සහ පෙර සූදානම, වෛරසය පිළිබඳ ජනතාව නිවැරදිව දැනුවත් කිරීම, රෝගීන් හඳුනාගැනීම සඳහා උපකරණ මිලදී ගැනීම වැනි කාර්යයන් සඳහා මේ මුදල යොදවනු ඇතැයි බැංකුව අපේක්ෂා කරයි. 

සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මහේෂ් ගුණසේකර, ස්ටෑන්ඩර්ටඩ් චාර්ටඩ් බැංකුවේ සන්නාම සහ අලෙවිකරණ ප්‍රධානී අනුක් ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img