Tuesday, April 28, 2026
HomeNEWSLatest Newsකර්මාන්ත අමාත්‍යවරයා සහ හම්බන්තොට වරාය සමාගම අතර සාකච්ඡාවක්.

කර්මාන්ත අමාත්‍යවරයා සහ හම්බන්තොට වරාය සමාගම අතර සාකච්ඡාවක්.

කර්මාන්ත අමාත්‍යවරයා සහ හම්බන්තොට වරාය සමාගම අතර සාකච්ඡාවක්.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ (පෞද්ගලික) සමාගම  (HIPG) අතර සාකච්ඡාවක් ඊයේ (28) 73/1, ගාලු පාර, කොළඹ03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
මෙහි දී ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිණිස HIPG සමාගම විසින් සකසන ලද යෝජනාවලියක් ද අමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබීය. ඉදිරියේ දී හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත හෙක්ටයාර 280ක කර්මාන්තපුරය පිළිබඳව ද මෙහි දී කරුණු ඉදිරිපත් විය. 
එහි දී HIPG සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රේ රෙන් මහතා පැවසුවේ ඉහත කර්මාන්ත පුරයෙහි මුලින්ම ටයර් කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට නියමිත බවත් ඒ සඳහා සිදු කරන ආයෝජනය ඇමරිකන් ඩොලර් මිලියන 300ක් බවත් සඳහන් කළේය. මේ කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය වන සේවක පිරිස 2000ක් බවත් ප්‍රදේශයේ පිරිස් වෙත එම අවස්ථාවන් ලබා දීමටත් ටයර් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමටත් පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.මෙම සාකච්ඡාව සඳහා HIPG සමාගමේ සාමාන්‍යාධිකාරී ටිම් ෂියාඕ මහතා ද එක්ව සිටියේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img