Wednesday, April 29, 2026
HomeNEWSLatest Newsකැනඩාවේ වීසා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පිරිසක් අත්අඩංගුවට

කැනඩාවේ වීසා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පිරිසක් අත්අඩංගුවට

කැනඩාවේ රැකියා සඳහා වීසා ලබාදෙන බවට විවිධ ආකාරයේ දැන්වීම් ප්‍රචාරය කරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් විශුද්ධිකරණය කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිළි තුනකට අනුව සිදුකළ වැටලීමකදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාෂය සඳහන් කළේය.

අවම ලේඛන සංඛ්‍යාවක් සහිතව කැනඩා රටට වීසා ලබාදෙන බවට සඳහන් කරමින් ප්‍රසිද්ධ වෙබ් අඩවියක දැන්වීමක් පළ කරමින් අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙම ජාවාරමේ නිරත වී ඇති බව සඳහන් වේ.

මෙම වංචාවට හසුවන පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වල පවතින මුදල් ඔන්ලයින් පහසුකම යටතේ වෙනත් ගිණුම් සඳහා යොමුකරගෙන ගිණුම් හිමි පුද්ගලයා සහ දුරකථන සමාගම් රවටා මෙම ජාවාරම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඳාන, මාරවිල, රද්දොළුගම, මැල්සිරිපුර සහ ගල්කුලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.

මෙවැනි වංචා සඳහා හසු වූ තැනැත්තෙක් සිටී නම් 0112 326 979 දුරකථන අංකය ඔස්සේ තොරතුරු දැනුම්දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලාසිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img