උප අගමැතිවරයෙකු පත් කිරීමට කිසිම අවධානයක් යොමු වී නැහැ .ඉදිරියේදී උප අගමැතිවරයෙකු පත්කිරීමට කිසිම අවධානයක් යොමුවී නොමැති බවත් යොමු වී තිබෙන්නේ 19 වැනි සංශෝධනය සංශෝධනය කර 20වැනි ආණ්ඩුකුම වස්ථාව සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි .මහනුවරදී මල්වතු අස්ගිරි නාහිමිවරුන් හමුවීමෙන් අනතුරුව එම අමාත්‍යවරයා මේ බව පැවසීය






















