විපක්ෂයේ සිට වුවද රට සංවර්ධනය කිරීම සඳහා කටයුතු කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද (30) වෑතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
පොල්ගස්ඕවිට වෑතර දිසා රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ කිහිපයක් ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද සිදුකෙරුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
“විපක්ෂයේ සිට යම් කාර්යක් කරන්න පුළුවන්. රට ශක්තිමත් කිරීම රජයේ මුදල්වලට පමණක් සීමා නොවිය යුතුයි.
දේශපාලනඥයින්ට හැකියාව තිබෙනවා නම් ආණ්ඩුවෙන් ලැබෙන තුරු බලන් ඉන්න ඕනේ නැහැ. අපිටත් යම් සේවාවක් කරන්න පුළුවන්”






















