Friday, May 1, 2026
HomeNEWSLatest Newsරිළවුන්ගෙන් බැට කන ගමක්

රිළවුන්ගෙන් බැට කන ගමක්

රිළවු ගහනය වැඩිවීමෙන් වසර ගණනාවක සිට දැඩි අපහසුතාවයට පත් ගම්මානයක් පිළිබඳ තොරතුරු අද දෙරණට වාර්තා වුණි.

රිළවුන් සහ වඳුරන්ගෙන් නිරන්තරයෙන් කරදර එල්ලවන ශ්‍රී නිශ්ශංකමල්ලපුර ගම්මානය පිහිටා ඇත්තේ පොළොන්නරුව නගරයේ 
සිට කිලෝමීටර 5ක් පමණ එපිටින් වූ ගල් විහාරය පුදබිම ආසන්නයේය.

පවුල් 400ක් පමණ ජීවත්වන මෙම ගම්මානයේ ගම්වැසියන් වගාවන් ඇතුළු සිය දෛනික කටයුතු මේ වනවිට අතහැර දමා ඇත්තේ 
වඳුරු සහ රිළවු ගහනය වර්ධනය වැඩිවීමෙන් එල්ල වූ බලපෑම් නිසාය.

මෙම සතුන්ගෙන් එල්ල වන ශාරීරික පීඩාවලින් ආරක්ෂා වීමටද ගම්මුන්ට හැකියාවක් නැති බව වාර්තා වේ. 

රිළා තර්ජනය හේතුවෙන් දැනටමත් එම ප්‍රදේශයේ පවුල් කිහිපයක් ගම්මානය හැර ගොස් අවසන්ය. 

මෙම ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ රිළා ගහණය පාලනය කර තමන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් සකස් කර 
දෙන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img