හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනි සිටින ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය දා දැනුම් දුන්නේය.
මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා ද අද පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණියේය.
පසුගිය අගෝස්තු 26 වන දින පැය 9ක කාලයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
ඒ හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ, පැජට් පාරේ පිහිටි නිවසේ දීය.
පොලිස් ඒකකය හමුවට තමාට පැමිණීමට නොහැකි බව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනුම් දිමෙන් අනතුරුව මෙලෙස එම නිලධාරීන් ඔහුගේ නිවසට ගොස් තිබිණි.






















