Saturday, May 2, 2026
HomeNEWSLatest Newsවිශ්ව කෝෂය හා ශබ්ද කෝෂයට ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක් ලබා දෙන්න අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

විශ්ව කෝෂය හා ශබ්ද කෝෂයට ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක් ලබා දෙන්න අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

මෙතෙක් අඩුවක්ව පැවති විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම්වලින් සැඳුම්ලත් ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක් වහාම ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.08.31 දින පැවසීය.

සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මඟින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කටයුතු සොයා බැලීමට ගිය අග්‍රාමාත්‍යතුමා එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් මේ බව සඳහන් කළේය.

විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට කාර්යාල පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොමැති බවට අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේදීම නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් ඊට පිළියම් යෙදුවේය.

මෙම හමුවේදී ජෝන් ද සිල්වා සමරු රඟහල සහ කලා භවන ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලූ අග්‍රාමාත්‍යතුමා රුපියල් මිලියන 1600 ක වියදමින් පිළිසකර කෙරෙන ජෝන් ද සිල්වා සමරු රඟහලේ දෙවැනි අදියරේ පිළිසකර කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හෝ යුධ හමුදාව සම්බන්ධ කර ගන්නැයි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙහිදී සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මඟින් පවත්වන ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය 2020 සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡාවට ලක් විය. 

ලබන නොවැම්බර් මාසයේදී හලාවත ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ජාතික කලා මහෝත්සවය පැවැත්වෙන අතර “දේශනේතෘ සම්මාන“ ප්‍රදානය සහ “දිස්ත්‍රික් කලාකරු සම්මාන“ ප්‍රදානය පිළිබඳවද අමාත්‍යංශ නිලධාරීන් විසින් අග්‍රාමාත්‍යතුමා දැනුම්වත් කරන ලදී.

මෙවර එක් දිස්ත්‍රික්කයකට සීමා වන මෙම කලාකරු සම්මාන ප්‍රදානය මීළඟ වතාවේ සිට රට පුරා සෑම දිස්ත්‍රික්කයකම පවත්වන්නැයි අග්‍රාමාත්‍යතුමා එහිදී උපදෙස් දුන්නේය.

දිවයින පුරා පිහිටි අලුතින් ගොඩනගන ලද සංස්කෘතික මධ්‍යස්ථාන 19 ක් ඉදිරි මාස 03 ක කාලය තුළ විවෘත කරන ලෙසත්, ඊට අවශ්‍ය කාර්යය මණ්ඩලය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට ලබා ගන්නා ලෙසත් අග්‍රාමාත්‍යතුමා මෙහිදී සඳහන් කළේය.

රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය  පසුගිය වසර හතර හමාරක කාලය තුළ කිසිඳු නඩත්තුවකින් තොරව පවත්වාගෙන ගිය බව මෙම අවස්ථාවට එක්ව සිටි රන්මිහිතැන්න ටෙලි ගම්මානයේ සභාපති ප්‍රවීන රංගන ශිල්පී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය මහතා කියා සිටියේය.

ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.ටී. කොඩිකාර මහතා, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්(ප්‍රවර්ධන) විජිත නන්දකුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img