Saturday, May 2, 2026
HomeNEWSLatest Newsපැය 4කට පසු රනිල් යයි

පැය 4කට පසු රනිල් යයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාස්කු කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැය 4කට පසු එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරු පවසයි.

මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා ද අද (31) පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණියේය.

ඔහු එහිදී පැය දෙකක් පමණ ප්‍රකාශය ලබා දී තිබිණ.

පසුගිය අගෝස්තු 26 වන දින පැය 9ක කාලයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

ඒ හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ, පැජට් පාරේ පිහිටි නිවසේ දීය.

පොලිස් ඒකකය හමුවට තමාට පැමිණීමට නොහැකි බව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනුම් දිමෙන් අනතුරුව මෙලෙස එම නිලධාරීන් ඔහුගේ නිවසට ගොස් තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img