උකස් ආයතනයකින් සොරකම් කරන ලද රු මිලියන 7කට අධික රන්භාණ්ඩ හා මුදල් ගල්කිස්ස පොලීසිය මඟින් සොයා ගෙන තිබේ.
පසුගිය දා රත්මලාන බෙලෙක්කඩේ මංසන්ධියේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයක් කඩා ඇතුළු වී එහි තිබූ රුපියල් මිලියන 7කට අධික රන් භාණ්ඩ, රුපියල් ලක්ෂ 10 කට අධික මුදල් හා බ්‍රේස්ලට් 27ක්, මුදු 46ක්, පෙන්ඩන් 30, කරාඹු 60, වළල්ලක්, රන් මාල 02ක් ,රිදී ග්‍රෑම් 1876ක් හා ජංගම දුරකථන 06ක් සමඟ සැකකරුවෙක් ද ඊයේ (30) සවස මාම්පේ ගනේවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව තිබේ.
සැකකරු එම උකස් මධ්‍යස්ථානය වහළයෙන් ඇතුළු වී ඉතා සූක්ෂම ලෙස සීසීටීවී පද්ධතිය අක්‍රිය කර එම උපකරණ ද ගලවා ගෙන ගොස් තිබෙන බව පොලීසිය පවසයි.
සැකකරු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවෙකු ද යන්න පිළිබඳ විමර්ශන සිදුකරමින් පවතියි.
එසේම එම සැකකරු පරිගණක ඉංජිනේරුවෙකු ලෙස පෞද්ගලික ආයතනයක කටයුතු කරන බවට පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබේ.
සැකකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කරයි.






















