අද (31) උදෑසන 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් අට දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථය 2,868ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (30) දිනයේ දී නව ආසාදිතයින් 17දෙනෙකු හඳුනාගැනිමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3,012ක් දක්වා වැඩිවිය.
මෙම ආසාදිතයින්ගෙන් 12 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් තිදෙනා මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඉන්දියාවේ සිට පැමිණි නාවිකයින් දෙදෙනෙක් ද ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් අතර වේ.
ඒ අනුව ආසාදිතයින් 132 දෙනෙකු මේ වන විට පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.






















