බන්ධනාගාර රැඳවූවන්ට පහසුකම් සැලසීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගතව සිටි මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනා ඇප මත මුදා හැර තිබේ.
මීගමුව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරි බව “අද දෙරණ වාර්තාකරු“ පැවසීය.
හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ පසුගිය 02 වනදා පොලීසියට බාර වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.






















