තවත් කර්මාන්තකරුවන්ගේ දිනයක නිමාව…
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව ඇරඹි ‘කර්මාන්තකරුවන්ගේ දිනය’ අදත් (31) සුපුරුදු පරිදි 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙහි දී කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් රැසක් තම කර්මාන්ත ප්‍රවර්ධනය පිණිස අමාත්‍යවරයාගෙන් සහයෝගය ඉල්ලා සිටි අතර තමන් මුහුණ පා ඇති ගැටලු ද ඉදිරිපත් කරනු ලැබීය.
අද දිනයේ ‘එකෝ – මා පැකේජින් පෞද්ගලික ආයතනයේ හිමිකරු මේනක ආරියරත්න මහතා කර්මාන්ත අමාත්‍යවරයා හමු වූ අතර ඔහු විසින් කෙසෙල් කඳ යොදා ගෙන නිපද වූ පරිසර හිතකාමී මෙන්ම ප්ලාස්ටික් යෝගට් කෝප්පයට විකල්පයක් වන ‘යෝගට් කොප්පය’ වෙළෙඳපොළට හඳුන්වා දීමට සහයෝගය ඉල්ලා සිටියේය. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතනවලට අදාළ නිලධාරීන්ට විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දුන්නේ කඩිනමින් මෙම ‘පරිසර හිතකාමී යෝගට් කෝප්පය’ හඳුන්වා දීමට මැදිහත් වන ලෙසය.
එසේම ‘Flix 11’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්ජිනේරු චාමර රූපසිංහ මහතා ද අමාත්‍යවරයා හමු වී තම ආයතනය විසින් නිපදවනු ලබන ‘ස්මාර්ට් නිවාස පද්ධති, ස්මාර්ට් කාර්යාල පද්ධති’ උපාංග සඳහා වෙළෙඳපොළක් නිර්මාණය කර දෙන ලෙසත් ඒ සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේ දී ආනයනික බදු සහන ලබා දෙන ලෙසත් කළ ඉල්ලීමට ද අමාත්‍යවරයා නිලධාරීන් මගින් අවශ්‍ය සහයෝගය ලබා දීමට පියවර ගනු ලැබීය






















