Sunday, May 3, 2026
HomeNEWSLatest Newsරටේ සියලු මාර්ග සිව් වසරකදී ප්‍රතිසංස්කරණය කරනවා.සක්‍රීයව දායකවී ජාතික ආර්ථිකයක් ගොඩනගන්න දායක...

රටේ සියලු මාර්ග සිව් වසරකදී ප්‍රතිසංස්කරණය කරනවා.සක්‍රීයව දායකවී ජාතික ආර්ථිකයක් ගොඩනගන්න දායක වන්න … දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරුන්ට ජනපති කියයි.


රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසරේදී ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දී සිටින ගැටළුවලට විසඳුම් දෙමින් ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට සක්‍රීයව දායකවන්නැයි ජනාධිපතිතුමා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගෙන් ඉල්ලා සිටී.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ කාර්යභාරය සහ වගකීම පිළිබඳව දැනුවත් කිරීමට අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ  පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරු හා රාජ්‍ය අමාත්‍යවරු සමග එක්ව රාජ්‍ය යන්ත්‍රණය කාර්යක්ෂමව යොදා ගනිමින් රට ඉදිරියට ගෙන යාමට දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන්ට විශාල වගකීමක් පැවරී ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූර සඳහා අමාත්‍යවරුන් නොවන තරුණ මන්ත්‍රීවරු පත් කළේ ඔවුන්ගේ මුළු කාලයම ඒ සඳහා වැය කිරිමට බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

බොහෝ දිස්ත්‍රික්කවලට පොදු සහ ඒවට පමණක් විශේෂිත වූ ප්‍රශ්න රජය හඳුනාගෙන තිබේ. පානීය සහ වාරි ජල අවශ්‍යතා, වාරිමාර්ග ප්‍රතිසංස්කරණය, වන අලි ගම්වැදීම, අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩු පාඩු කඩිනමින් විසඳීම රජයේ ප්‍රමුඛ අරමුණයි. එය ඉටු කර ගැනීම පිණිස අමාත්‍යවරුනට හා රාජ්‍ය අමාත්‍යවරුන්ට පත්වීම්  දෙන අවස්ථාවේදීම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු පත් කළ බව ජනාධිපතිතුමා පැවසීය.

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල තත්ත්වය සමාලෝචනයටත්, පවතින ගැටළුවලට එවලෙහිම විසඳුම් දීමේ වැඩපිළිවෙළක් සැකසීමටත් පියවර ගන්නා බව රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය.

2015 දක්වා රජය ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් කිහිපයක වැඩ නතර වී තිබේ. ඉදිරි අය වැයෙන් මුදල් වෙන්කර ඇණ හිට ඇති ඉදිකිරීම් සියල්ලෙහි වැඩ අවසන් කළයුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ,බී.සී.ඩී ලෙස වර්ග කර ඇති දිවයිනේ සියලු මාර්ග ජනාධිපතිතුමාගේ ධූර කාලය අවසන් වීමට පෙර කාපට් අතුරා සංවර්ධනය කිරීමට සැලැසුම් කර ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අමාත්‍යාංශවල රාජකාරීවලට සහ නිලධාරීන් සමග සම්බන්ධ වී ක්‍රියා කොට දේශපාලනඥයා කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කළ යුතුයයි ජනාධිපතිතුමා කමිටු සභාපතිවරුන්ට පැවසීය.

ජනාධිපතිතුමා අපේක්ෂා කරන සහය දෙමින් රට සංවර්ධනයට උපරිමයෙන් කැපවන බවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු සහතික වූහ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img