Sunday, May 3, 2026
HomeNEWSLatest Newsකුසපත් ඇදීමෙන් තෝරාගන්නා මන්ත්‍රී ?

කුසපත් ඇදීමෙන් තෝරාගන්නා මන්ත්‍රී ?

මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරීමේ සුදුසුකමක් නොමැති බව නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

ඔහු මේ බව දැනුම් දී ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කළ විමසීමකට අනුවය.

මේ අනුව ජයසේකර මහතාට එම අසුන අහිමි වන්නේ නම් ඒ සඳහා මීළඟ සභිකයා තෝරා ගැනීම කුසපත් ඇදීමකින් සිදු වනු ඇති අතර එවැන්නක් සිදුවන්නේ මෙරට මහ මැතිවරණ ඉතිහාසයේ පළමු වරටය.

ප්‍රේමලාල් ජයසේකර හෙවත් “චොකා මල්ලීට“ රත්නපුර මහාධිකරණයෙන් මරණ දඬුවම හිමි වූයේ පසුගිය ජූලි මස 31 වැනිදාය.

ඒ, 2015 වසරේ සිදු කළ මනුෂ්‍ය ඝාතනයකට වරදකරු කරමිනි.

නමුත් මෙවර මහ මැතිවරණයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා රත්නපුර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ලබා ගනිමින් ජයග්‍රහණය ලැබීමට සමත් වුණි.

ඒ අනුව බන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් මහතා එළඹෙන අට වැනිදා පාර්ලිමේන්තුව වෙත රැගෙන එන ලෙස කථානායකවරයා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දෙනු ලැබීය.

කෙසේ නමුත් මරණ දඬුවමට ලක්වූවෙකු මහජන නියෝජිතයෙකු ලෙස ක්‍රියා කිරීම ගැන බන්ධනාගාර නීති රෙගුලාසිවල සඳහන් නොවන බව පවසමින් එහි කොමසාරිස් ජනරාල්වරයා අධිකරණ අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳ විමසූ අතර අධිකරණ අමාත්‍යාංශය නීතිපතිවරයාගේ මතය විමසනු ලැබුණි.

ඒ අනුව නීතිපතිවරයා දැනුම් දුන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) සහ 91 (1) (අ) වගන්ති ප්‍රකාරව ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස ක්‍රියා කිරීමට සුදුසුකම් නොමැති බවය.

මේ අනුව ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු අසුන අහිමි වන්නේ නම් ඊළඟට එම අවස්ථාව හිමිවන්නේ මනාප ලැයිස්තුවේ පාර්ලිමේන්තු වරම් නොලද, වැඩිම මනාප ලැබූ අපේක්ෂකයාටය.

නමුත් මෙවර මහමැතිවරණ ප්‍රථිඵල අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයන්ගෙන් එලෙස වැඩිම සම මනාප ලැබූ දෙදෙනෙකු සිටීම විශේෂත්වයකි.

ඒ සනී රෝහණ කොඩිතුවක්කු සහ ප්‍රේමලාල් ජයසේකර මහතාගේ සමීප ඥාතියෙකු වන රංජිත් බණ්ඩාර යන අපේක්ෂකයන්ය.

අප කළ විමසීමකදී මැතිවරණ කොමිසම සඳහන් කළේ මෙවැනි අවස්ථාවකදී කුසපත් ඇදීමකින් මන්ත්‍රී අසුන සඳහා සුදුස්සා තෝරා පත් කර ගැනීම සිදු කෙරෙන බවය.

ඒ අනුව මෙය මෙරට මහ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් වන අතර මෙවැනි කුසපත් ඇදීමක් සිදුවීමට නියමිතව ඇත්තේ පළමු වරට වනු ඇති බව මැතිවරණ කොමිසම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img