Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsමහනුවර ඡන්ද යළි ගනින්නැයි ඉල්ලා මහසෝන් බලකායේ ප්‍රධානියා අධිකරණයට යයි

මහනුවර ඡන්ද යළි ගනින්නැයි ඉල්ලා මහසෝන් බලකායේ ප්‍රධානියා අධිකරණයට යයි

ඉකුත් මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය සඳහා ප්‍රකාශිත ඡන්ද යළි ගණනය කර අලුතින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ සඳහා ඉකුත් මහ මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ තරග කළ මහසෝන් බලකායේ ප්‍රධානියා අමිත් වීරසිංහ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

එහි  වගඋත්තරකරුවන් ලෙස මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඇතුළු 19 දෙනෙකු නම් කර තිබේ.

ඉකුත් මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය සඳහා ප්‍රකාශිත ඡන්ද ගණනය කිරීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව පෙත්සම ඉදිරිපත් කළ අමිත් වීරසිංහ මහතා කියා සිටී.

මේ හේතුවෙන් තමන්ට පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වීමට නොහැකි වූ බව ද ඔහු සිය පෙත්සමෙන් කියා ඇති බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img