Friday, October 10, 2025
HomeNEWSLatest Newsඇවන් ගාඩ් නඩුව - චෝදනාවලට නිවැරදිකරුවන් බව විත්තිකරුවන් පවසයි

ඇවන් ගාඩ් නඩුව – චෝදනාවලට නිවැරදිකරුවන් බව විත්තිකරුවන් පවසයි

2012 වසරේ ගාලූ වරායට ආසන්න මුහුදු තීරයේ එම්.වී.ඇවන් ගාඩ් නෞකාව තුළ බලපත්‍ර නොමැතිව ගිනි අවි හා උණ්ඩ තබාගැනීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන ඇවන් ගාඩ් ඇවන් ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකු අද (02) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෙම නඩුව අද ධම්මික ගණේපොළ, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී  නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ චෝදනා පත්‍රය විවෘත අධිකරණයේ දී විත්තිකරුවන්ට කියවා දෙන ලදි.

එම චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් විසින් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළ ලදි.

ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කෙරුණු අතර ඒ යටතේ නඩුවේ පළමුවන සාක්ෂිකරු ලෙස නම් කර සිටින රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල මහතාගේ සාක්ෂි සටහන් කරගැනීම සිදුවිය.

2012 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන් ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816 ක් සහ උණ්ඩ 203395 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින්  මෙම චෝදනා 19  ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කැබිනට් සංශෝධනයක්.. අනුර හා බිමල් අතර විෂයන් මාරුවීමක්

අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන...

වැරදි ප්‍රකාශයක් කළ මන්ත්‍රීට ඵරෙහිව නීතිමය පියවර- ඇමති විජිත

උසස් නිලතල පිළිබඳ කාරක සභාව තුළ දී සාකච්ඡාවට ලක් නොවුණු කතාවක් පිළිබඳව මන්ත්‍රීවරයෙක් විසින් වැරදි ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට...

බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න බැහැ- නාමල්

බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න ගියාට සාර්ථක වෙන්නෙ නෑ - නාමල් රාජපක්ෂවත්මන් ආණ්ඩුව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර රාජපක්ෂවරුන් සිරගත කිරීමට උත්සාහ කළද එය...

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසිය විසින් වෙඩිතබා තිබේ.පොලීසිය පැවසුවේ, මාතර වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය නවත්වන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img