නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රහස් එළියට .ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති 12ක් හැරෙන්නට අනෙකුත් සියළුම වගන්ති නව ව්‍යවස්ථාව මගින් වෙනස් කිරීමට අවධානය යොමු වී තිබෙන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥ කමිටුවේ සාමාජිකයෙක් ප්‍රකාශ කරයි .රටේ ඒකීයභාවය බුද්ධාගම ජාතික ගීය ජාතිය කොඩි යන කරුණු වලට බලපානවා වගන්ති 12 කිසිදු ආකාරයකින් වෙනස් නොවන බවද එම සාමාජිකයා විසින් පෙන්වා දෙන ලදී .එම වගන්ති 12 හැර අනෙකුත් ඕනෑම වගන්තියක් ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ප්‍රමාණවත් බව ද ඔහු සඳහන් කරයි.






















