Sunday, November 15, 2026
HomeNEWSLatest Newsතමිල්නාඩුවට පනින්න හැදූ CCD කොස්තාපල් අල්ලයි

තමිල්නාඩුවට පනින්න හැදූ CCD කොස්තාපල් අල්ලයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී සොයාගත් හෙරොයින් කිලෝ 23 ට අදාළ පරීක්ෂණ සඳහා පොලීසියට අවශ්‍යව සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයා අද (05) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදීය.

ශ්‍රී ලංකාවේ සිට ජාත්‍යන්තර සමුද්‍රීය දේශ සීමාව හරහා මත්ද්‍රව්‍ය, රත්‍රන් සහ වෙනත් භාණ්ඩ ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරන බවට රාමේෂ්වරම් වෙරළාරක්ෂක පොලීසියට ලද තොරතුරකට අනුව ඉන්දීය පොලීසිය සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ, එහිදී තමිල්නාඩුවට නීතිවිරෝධී ලෙස ඇතුළුවීමට උත්සහ කළ ශ්‍රී ලංකිකයෙකු තමිල්නාඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය. 

අනතුරුව ඔහුගෙන් ඉන්දීය පොලීසිය ප්‍රශ්න කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු පළා යාමට උත්සහ කර ඇති අතර පසුව නාවික පොලිසිය විසින් ඔහු අල්ලා රාමේෂ්වරම් මැරීන් පොලිස් ස්ථානයට භාර දී ඇති බව වාර්තා වේ.

සැකකරු ශ්‍රී ලංකාවේ මොණරගල දිස්ත්‍රික්කයේ පදිංචි ප්‍රදීප් කුමාර් බණ්ඩාරනායක නමැති 30 හැවිරිදි අයෙකි.

වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මොහු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් බවය.

එමෙන්ම මොහු පසුගිය දෙවැනිදා සපුගස්කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හෙරෝයින් කිලෝග්‍රෑම් 23 එම ප්‍රදේශයට රැගෙන ගිය පොලිස් නිලධාරියා බව වාර්තා වී ඇත.

එහිදී අත්අඩංගුවටගනු ලැබුවේ ඔහුගේ සහෝදරයාය.

සැකකරු මේවන විට ධනුස්කෝඩි සමුද්‍රීය පොලිස් ස්ථානයේ රඳවා ඇති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img