කුලියාපිටිය රිමාන්ඩ් බන්ධනාගාරයේ සිර මැදිරියෙන් සිරකරුවන් සිව් දෙනෙකු පළාගොස් තිබේ.
ඊයේ (04) රාත්‍රී මොවුන් සිර මැදිරියේ වහලෙන් පැන පලාගොස් ඇති බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිව් දෙනෙකු මෙලෙස පලාගොස් ඇති බව සඳහන් වේ.
කෙසේවෙතත් මොවුන්ගෙන් එක් අයෙකු ඊයේ රාත්‍රියේදීම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පළා ගිය සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කුලියාපිටිය පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.
ඒ අනුව ප්‍රදේශයේ මාර්ග බාධක යොදා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව කුලියාපිටිය පොලීසියේ නිලධාරියෙකු “අද දෙරණ” වෙත පැවසීය.






















