වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි ජංගම දුරකථන ඇතුළු නීතිවිරෝධී උපකරණ සොයාගෙන තිබේ.
බන්ධනාගාර බුද්ධි අංශ විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම උපකරණ සොයාගෙන ඇති බව බන්ධනාගාර පාලන කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.
එහිදී ජංගම දුරකථන 13ක්, සිම්කාඩ් 07ක්, බැටරි 150ක්, හැන්ඩ් ෆ්‍රී 02ක් සොයාගෙන ඇත.
අදාළ උපකරණ සොයාගත් සිරකුටිවල රැඳවියන් සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ද ආරම්භ කර ඇති අතර බන්ධනාගාර බුද්ධි අංශ වලින් ලබාදෙන තොරතුරු අනුව තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.






















