Sunday, November 15, 2026
HomeNEWSLatest Newsසෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පාසල් ළමුන්ට අවවාදයක්

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පාසල් ළමුන්ට අවවාදයක්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල්වල සියලු අධ්‍යයන කටයුතු ලබන අඟහරුවාදා (08) දිනයේ සිට සාමාන්‍ය පරිදි සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ අදියර කිහිපයක් යටතේ ආරම්භ කෙරුණු පාසල්වල ප්‍රාථමික පංතිවල අධ්‍යයන කටයුතු අඟහරුවාදා දිනයේ සිට ආරම්භ කෙරෙන බවය.

සැප්තැම්බර් මස 02 වන දින සිට, 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණි.

හෙට (07) දිනයේ ප්‍රාථමික අංශයේ පංතිවල ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලය පාසල්වලට පැමිණීමට නියමිත අතර අනිද්දා දිනයේ සිට සුපුරුදු පරිදි අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර, පාසල් ළමුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම මඟහරිමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

 වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් යළි කොරෝනා වෛරස ආසාදිතයින් රට තුළින් බිහිවීමේ අවදානමක් පවතින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img